5.4 C
New York

නව ලේකම්වරු 17ක් පත්වෙති

Published:

රජය විසින් අද (24) සවස සිට ක්‍රියාත්මක වන පරිදි නව ලේකම්වරු පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

අග්‍රාමාත්‍ය ලේකව්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු පත්කරන ලද ලේකම්වරු සංඛ්‍යාව 17 දෙනෙකි.

ඒ ඒ අමාත්‍යාංශ සඳහා පත්කරන ලද ලේකම්වරුන් පහත සඳහන් කර ඇත.

01 ජී. පී. සපුතන්ත්‍රි මහතා –  අග්‍රාමාත්‍ය ලේකම්
02 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම්
03 කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා  –  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
04 කේ.එම්.එම්. සිරිවර්ධන මහතා –  මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය
05 අරුණි විජේවර්ධන මහත්මිය – විදේශ කටයුතු අමාත්‍යාංශය
06 – ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය – අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
07 – කේ. මහේසන් මහතා – කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
08 එම්.එම්. නයිමුදීන් මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
09 ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා – ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
10 පාලිත ගුණරත්න මහීපාල මහතා –  සෞඛ්‍ය අමාත්‍යාංශය
11 ඩබ්ලිව්.පී.පී. යසරත්න මහතා – අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
12 බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා  – පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
13 එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා – කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
14 එච්.එස්.එස්. තුයියකොන්තා මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
15 ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා  – මහජන ආරක්ෂක අමාත්‍යාංශය
16 රංජිත් ආරියරත්න මහතා – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
17 – මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා  – බලශක්ති අමාත්‍යාංශය

Related articles

Recent articles

spot_img