spot_img
spot_imgspot_img

භාරකාර රජයේ සියලු බලතල තිදෙනෙක් අතට

පුවත්

විදෙස්

මෙරට සියලු අමාත්‍යාංශ විෂයයන් එක්කර අමාත්‍යාංශ 15ක් ස්ථාපිත කරමින් එම අමාත්‍යාංශ වගකීම් තිදෙනකු අතට ගෙන ඇත.

මේ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකට අමාථ්‍යාංශ 04ක්, අගමැතිනී හරිනි අමරසූරියට අමාත්‍යාංශ 05ක් සහ විජිත හේරත්ට අමාත්‍යාංශ 06ක් වශයෙන් වගකීම් පවරාගෙන ඇත.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ අද (24) මධ්‍යම රාත්‍රියේ අනුර කුමාර දිසානායක විධායක ජනාධිපතිවරයා විසින් තමන්ට පැවරෙන ව්‍යවස්ථාපිත බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව තෝරාපත්කරගන්නා තුරු භාරකාර රජය බවට පත්වනනේ ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් යන තිදෙනා පමණි.

අමාත්‍ය ධූර බෙදී ඇත්තේ පහත සඳහන් ආකාරයෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක

  1. ආරක්ෂක අමාත්‍යාංශය
  2. මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය
  3. බලශක්ති අමාත්‍යාංශය
  4. කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය

අගමැතිනි හරිනි අමරසූරිය

  1. අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
  2. අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
  3. කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
  4. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
  5. සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය විජිත හේරත්

  1. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය
  2. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
  3. මහජන ආරක්ෂක අමාත්‍යාංශය
  4. විදේශ කටයුතු අමාත්‍යාංශය
  5. පරිසර වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
  6. ග්‍රාමීය හා නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!