5.4 C
New York

අගමැති ධූරය සමඟ ඇමති වගකීම් රැසක් හරිනිට

Published:

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය.

මේ අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරයට පත් වූ තුන්වැනි කාන්තාව වන්නේ ඇයයි. ඊට පෙර සිරිමා බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යන දෙදෙනා අග්‍රාමාත්‍ය ධූරයට පත්වූහ.

2020 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත්වූ හරිනි දේශපාලනයට පිවිසීමට පෙර නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ඡ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළාය.

කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති ආචාර්ය අමරසූරිය පසුව උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වූවාය. දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ඇය සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත් ඇය සිඩ්නිහි මැක්වරි විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කරගෙන ඇත.

2011දී ඇය එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලවලින් සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි කරගත්තාය’

අග්‍රාමාත්‍ය ධූරයට අමතරව හරිනි අමරසූරිය අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, අධ්‍යපන, විධ්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා, ළමා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ ද අග්‍රාමාත්‍යවරිය වෙත භාර දී තිබේ.

Related articles

Recent articles

spot_img