5.4 C
New York

පරාජයෙන් පසු සමගි වීමට ආරාධනා

Published:

විපක්ෂයේ පොදු සංධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමග සාකච්ඡා ආරම්භ කරන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ සිය පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට සහ හිටපු මන්ත්‍රී තලතා අතුකෝරලට රනිල් විසින් මෙම වගකීම පවරා තිබේ.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සජබ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසා ඇත්තේ ඉදිරි මැතිවරණ වෙනුවෙන්, සිය ප්‍රතිපත්ති පිළිගන්නා සියළු දෙනාට පක්ෂයේ දොරටු විවර කරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවකදී මේ සම්බන්දව සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණයේදී සිදුවූ පසුබෑම සම්බන්දයෙන් එහිදී විශේෂ අවධානයක් යොමුවී ඇති අතර ඉදිරි මැතිවරණ වලදී සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img