spot_img
spot_imgspot_img

පාර්ලිමේන්තුව අද විසුරුවයි, මහ ඡන්දය දෙසැම්බරයේ

පුවත්

විදෙස්

අද (24) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවනු ඇති බවට වාර්තා වේ. ඒ අනුව දෙසැම්බර් මාසය වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනු ඇත.

ජාතික ජන බලවේගයේ ආරංචි මාර්ග පවසන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධුර 15ක් සඳහා අමාත්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුත් අතුරු කැබිනට් මණ්ඩලයක් අද පත්කිරීමට නියමිත බවයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති අතර ජනාධිපතිවරයා, අගමැතිවරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ අභිනවයෙන් දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි අතර අමාත්‍ය ධූර කිහිපයක් බැගින් බෙදී යනු ඇත.

කොළඹ ආසනයේ, අනුර ජනාධිපතිවරයාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නිපුන ආරච්චි ඊයේ දිවුරුම් දුන්නේය.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන් ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවී නොබෝ වේලාවකට පසු සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හමුවිය.

අනතුරුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශිර්වාද ලබාගෙන තඹුත්තේගම බලා ගියේ තම වයෝවෘද්ධ මෑණියන් දැක බලා ගැනීමටය.

ජනාධිපතිවරයා විසින් අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජාතික ජන බලවේගය, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

දෙසැම්බරයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් NPP ජයග්‍රහණය කළහොත් නව අගමැතිවරයා ලෙස පත්කෙරෙන්නේ තම ඡන්දදායකයන්ගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතරින් වැඩිම සහයෝගයක් ලබන මන්ත්‍රීවරයා බව ද සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!