spot_img
spot_imgspot_img

අනුර ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ නමවැනි විධායක ජනාධිපතිවරය ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම වශයෙන් කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන් අනතුරුව ජාතිය අමතමින් කියා සිටියේය.

වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේද කීවේය.

අප රටේ ප්‍රජාතන්ත්‍රවායේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමයි. මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම සහ පාලනය තෝරා ගැනීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයන්ගේ ශක්තිමත් කිරීම අවශ්‍යයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීම සිදුකරන බව ප්‍රතිඥා දෙනවා.

මැතිවරණ බල හුවමාරුවකදී බල හුවමාරුව කිපිම නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවා දී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, ආදර්ශය වෙනුවෙන් ස්තු නිවන්ත වෙනවා.

අපට ලැබෙන්නේ අභියෝගාත්මක රටක් අපගේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි. යහපත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි.ඒ වෙනුවෙන් කැප වෙන්න සුදානම්.

අප රටේ දේශපාලනය ගැන මහජනතාවට තිබෙන්නේ හොඳ මතයක් නොවේ.ඒ නිසා මහජනයා කෙරෙහි දේශපාලකයා කෙරෙහි මහජන ගෞරවය නැවත ඇති කරන්න කටයුතු කරනවා.

මේ ගැඹුරු අර්බුදය හුදු පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවකට පියමං කළ හැකි දෙයක් යැයි විශ්වාස කරන්නේ නැහැ.

මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මැජිකරුවෙක් නොවේ. මා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් තිබෙනවා හැකියාවන් යොදාගෙන නොදන්නා දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගැනීම මගේ අරමුණයි. සාමුහික මැදිහත්වීමේ කොටස්කරුවකු බවට පත්වීම මගේ අරමුණයි අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියාටන් වගකීමක් තිබෙනවා.”

 යැයි පැවසූ නව ජනාධිපතිවරයා තම කතාව අවසන් කළේ සියලු දෙනාටම බුදුසරණයි ! දෙවි පිහිටයි කියමිනි. අසළ සිටි බෞද්ධ භික්ෂුවක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට පිරිත් නූලක් බැඳ සෙත් පිරිත් කියනු දක්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!