spot_img
spot_imgspot_img

අනුරට 50% නෑ. දෙවැනි මනාපය ගණන් කිරීම අරඹයි

පුවත්

විදෙස්

ජනාධිපතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල අනුවඉදිරියෙන් සිටින අපේක්ෂකයා වූ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් සහ එක් වැඩි ඡන්දයක් ලබාගැනීමට අපොහොසත් ව ඇති බැවින් දෙවැනි මනාපය ගණනය කිරීමට සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව පළමු වටයේ ගණනය කිරීමෙන් ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් දෙදෙනා වූ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාට මනාපය පළකර ඇති සියලු ඡන්ද ඉවත්කර අනෙක් අපේක්ෂකයන්ට ඡන්දය දුන් අයගේ දෙවැනි සහ තුන්වැනි මනාපය ගණනය කරනු ලබයි.

දෙවැනි සහ තුන්වැනි මනාප ගණනය කිරීමෙන් පසු එම මනාප පළමු අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්දවලට එකතු කිරීමෙන් පසු වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිකරගන්නා අපෙක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තෝරාගැනීම සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!