spot_img

2024 ජනාධිපතිවරණය, නල්ලූර් ආසනය ආරියනේතිරන්ට

පුවත්

විදෙස්

යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ස්වාධීන අපේක්ෂක ආරියනේතිරන් පාක්කියසෙල්වම් ඡන්ද 10,097ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 8,804ක් ලබාගත් අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 7,464ක් ලබා ගත්තේය. අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3,835 කි.

2019 ජනාධිපතිවරණයේදී මෙම ආසනය ජය ගත්තේ සජිත් ප්‍රේමදාස විසිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පාක්කියසෙල්වම් ආරියනේතිරන්, කොක්කටිචෝලෙයි සිවන් කෝවිලේ භාරකරු වේ. දෙමළ ඊලාම් විමුක්ති කොටි පුවත්පතක් වන තමිල් අලයි (දෙමළ රැල්ල) හි කර්තෘවරයා වූ ඔහු 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී මඩකලපුව දෙමළ ජාතික සංධානයේ  (TNA) අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ නමුත් පරාජයට පත්විය.

කෙසේවෙතත් ඔහුට ඉදිරියෙන් සිටි මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු 2004 මැයි මාසයේදී ආරියනේදිරන්  පාර්ලිමේන්තුවට පිවිසියේය. ඔහු 2010 මැතිවරණයෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles