3.8 C
New York

2024 ජනාධිපතිවරණය, තැපැල් ඡන්ද ගනන් කිරීම ඇරඹේ

Published:

අද පස්වරු 4.00ට අවසන් වූ 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගනන් කිරීම මේවනවිට ආරම්භ කර ඇති බවත් මැතිවරණයේ පළමු ප්‍රතිඵලය වන තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

යම් හෙයකින් දෙවන මනාපය ගණන් කිරීමට සිදුවුවද හෙට (සැප් 22) වන විට මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පැවසීය. 

“තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.30 සිට ආරම්භ වන අතර, අද මධ්‍යම රාත්‍රියට පෙර පළමු තැපැල් ප්‍රතිඵල නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” මැතිවරණ කොමිසමේ නිලධාරීහු පවසති. 

Related articles

Recent articles

spot_img