spot_img
spot_imgspot_img

ඡන්ද ප්‍රචාරය කළ රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදී

පුවත්

විදෙස්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

මැතිවරණ රාජකාරීවල යොදවා තිබූ රාජ්‍ය නිලධාරීන් 09 දෙනකු ඇතුළු දේශපාලන කටයුතුවල නිරත වූ රාජ්‍ය නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රියන්ත සුමනසේකර ප්‍රකාශකර සිටි.

රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 19 දෙනකුට එරෙහිව පැමිණිලි 17ක් ලැබී තිබිණි. ඒ පසුගිය 18 වැනි දා ය. එම පැමිණිලිවල තොරතුරු පරීක්ෂා කිරීමේ දී ඒ අතරින් රාජ්‍ය නිලධාරීන් 09 දෙනකු මැතිවරණ රාජකාරී සඳහා යෙදවීමට සැළසුම් කර තිබූ නමුත් ඔවුන් එම රාජකාරීවලින් ඉවත්කිරීමට කටයුතු කළ බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රියන්ත සුමනසේකර වැඩිදුරටත් කීවේය.

විවිධ දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය නිලධාරීන් 19 දෙනා  අතර  වෛද්‍යවරුන් 03ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, විදුහල්පතිවරු 09ක් හා නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරු 04ක්, සමෘද්ධි කළමණාකරුවෙක්  සිටිති.

විශේෂයෙන්ම 32/2017 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන යන රාජ්‍ය සේවකයින් වර්ගීකරණය කර තිබේ. එමගින් තෘතීක මට්ටමේ හා ජ්‍යෙෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කවුරුන්ද  යන්න අර්ථ දක්වා තිබේ. එමෙන්ම  ආයතන සංග්‍රහයේ XXXII පරිච්ඡේදයේ අංක 01  මගින්  දේශපාලන  අයිතිවාසිකම්  භුක්තිවිදීමට  හිම්කම් නොමැති නිලධරයෙකුට  තහනම් කටයුතු සඳහන් කර තිබේ. එහි 1.2 මගින් දක්වා ඇති ආකාරයට එසේ සිදුකිරීම සේවයෙන් පහකිරීමට භාජනය වියයුතු වරදක්සේ පෙන්වා දී ඇත.

එමෙන්ම තම තනතුරට ඇති වගකීම්, අයිතිවාසිකම් හා හැකියාවන් සම්බන්ධව නොසලකා එය අවභාවිත කරමින් පක්ෂ හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කෙරුණු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන්  transparency international (TISL) ආයතන ඇතුළු සංවිධාන විසින් පැමිණි රාශියක් මැතිවරණ කාර්යාල වෙත යොමුකර තිබේ.

සමස්ත  වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 256ක් 2024.09.19 දින පෙරවරු 10.00 වනවිට ලැබී තිබෙන බවද හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රියන්ත සුමනසේකර කීවේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!