spot_img
spot_imgspot_img

තවමත් අතුරුදන් වූ මිනිස්සු

පුවත්

විදෙස්

ප්‍රසන්න ප්‍රදීප් කුමාර    

ඉකුත් යුද සමයේ අමිහිරිම මතක රැසක් සහිත භූමියක් වන්නේ උතුරු පළාතයි. උතුරේ ජනතාවට සිදුවූ අහිමිවීම් බොහෝයි. දැනට එම ප්‍රදේශවල ජිවත්ව සිටින බොහෝ පිරිසකට ඉතිරිවූයේ තම ජීවිතය පමණකි. ඇතැමුන්ට තමන් හරි හම්බ  කල සේසතම අහිමි විය. තවත් පිරිසකට තම ශරීර අවයව  සදාකල් අබධිතයින් වන්නට විය. තවත් සමහරුන්ට සිය අදරනියයන් අහිමි විය. එමෙන්ම තවත් දහස් ගණනක් තම ඥාතියා ජිවතුන් අතරද නැද්ද යන්න පවා අවිනිශ්චිතය ඔවුන් තවමත් තම අතුරුදන්වූ දුව ,පුතා ,සැමියා ,බිරිද හෝ ඥාතියා එන තෙක් බලා සිටි එවන් ජිවිත දහස් ගණනක් උතුරෙන් අපට හමුවෙයි.

ඒ අනුව සිය අතුරුදන්වූ ඥාතින් සොයා  අරගල සිදු කරන දහස් සංඛාත ජනතාවක් උතුරේ තම ඥාතියාට සිදුවුයේ කුමක්ද යන්න දන ගැනීමේ අටියෙන් බලා සිටි. ඒ අනුව ඔවුන් දැනට වසර 08 ට වැඩි කාලයක් උතුරේ දිස්ත්‍රික්ක  ආවරණය වන පරිදි අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වාගෙන යනු ලබයි.

ඒ අනුව මෙම ගැටලුව පිළිබද නිරීක්ෂණය කිරීමේදී අප මුහුණ දුන් ගැටලුව නම් මෙසේ කොපමණ ප්‍රමාණයක් අතුරුදන් වන්නට ඇතිද යන්නයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 1488 කු අතුරුදන්වීම පිළිබද අතුරුදන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලයට පැමිණිලි ලැබී ඇති බව මේ පිළිබද අප තොරතුරු පනත යටතේ අප සිදු කල විමසීමකදී ඔවුන් සදහන් කරන ලදී. ඒ අනුව අංක OMP/ADM/25-VOLIII දරන ලිපිය මගින් මෙම දත්ත අදාළ කාර්යාලය විසින් අප වෙත ලබා දෙන ලදී.

මෙසේ අතුරුදන්වුවන් පිලිබද ගැටලුව මේ වන විට උඩු දුවමින් යන අතර ඒ සදහා සාධාරණ විසදුමක් නොලැබුණු බව එම පිරිස් සොයා අරගලයේ නිරත වන ඥාතින් සදහන් කරයි. ඒ සම්බන්ධයෙන අදහස් දක්වන එම අතුරුදන්වුවාන්ගේ සංගමයේ ලේකම් ලීලාදේවි ආනන්දරාජා මහත්මිය මේ පිළිබද දක්වන්නේ මෙවන් අදහසකි.

මම මේ අවුරුදු 08 ක් මහා පාරවල් ගානේ දුක් විදින්නේ මගේ නැති වුන පුතා හොයන්න. දැන් මම මේ ගැන නොකියපු කෙනෙක් නැ. මම තවමත් මගේ පුතා හොයනවා . මම දැන් වයසයි. මම තව කොච්චර කාලයක් පුතා හොයන්නද? මට පුතා ගැන හරි තොරතුරක් ලැබුනොත් ඇති. ඉන්නවද නැත්තම් මැරුවද කියලා එතකොට මට මගේ පුතාට දානයක් වත් දීලා මැරෙන්න පුළුවන් යයි ලිලාදේවි මහත්මිය සදහන් කරයි.

ඇය එහිදී තව දුරටත් මෙසේ පැවසිය.මගේ අතුරුදහන් වුන පුතාගේ නම ඒ.අනුරාජ් එයා අතුරුදන් වෙනකොට එයාගේ වයස අවුරුදු 34 යි. මගේ පුතා යුද්ධය අවසන් දවස් වල ඒ කියන්නේ 2009 මැයි 15 කොටි පාලන ප්‍රදේශ වල ඉදලා හමුදා පාලන ප්‍රදේශ වලට එන්න ඕමන්ද චෙක් පොයින්ට් එකට එනාවා. ඒ චෙක් පොයින්ට් එකේ එයා පරික්ශාකරලා මිනිස්සු එක්ක වාඩි වෙලා ඉන්න වෙලාවේ හමුදාවෙන් එයාව එක්කන් ගියා කියලා මට ආරංචි වුණා. ඒ එක්කන් ගියේ එයාගෙන් විමසීමක් කරන්න තියනවා කියලයි. මම මේ විස්තර දන්නේ මගේ පුතා එක්ක මගේ අදුරන කෙනෙක් එයාගේ පවුලත් අරගෙන ඇවිල්ල හිටියා. ඒ අයත් පුතා එයි කියලා පැය හතරක් විතර එහෙ ඉදලා තියනවා. නමුත් මගේ පුතා ඇවිල්ල නෑ.

ඒ කාලේ වෙනකොට මම වවුනියාවේ තමයි වැඩ කරගෙන හිටියේ.එදා මම අර කිවුව පුතා එක්ක හිටපු පාවුලේ උදවිය මට කිවුවා පුතා මේ විදියට ඕමන්තෙන් ආමි ගත්තා නමුත් නිදහස් කලේ නෑ කියලා. පස්සේ ඒ අව කට්ටිය සුඩුවේන්දපිලවු කියලා අනාත කදවුරක නැවතුනේ. මම එහෙ ගිහින් ඒ අයගෙන් සියලු විස්තර අහලා  දැනගත්තා.

පස්සේ මම මගේ පුතාගේ පොටෝ එකක් අරගෙන එක එක තැන් වල එයා හොයන්න ගියා.  එතකොට තිබුණු  කදවුරු  මම ඇවිදලා පුතා හෙවුවා. මම හමාදාම හමුදාවෙන් අහනවා පුතා කෝ කියලා  කවුරුත් කිවුවේ නෑ පුතා අත්අඩංගුවට ගත්තා මෙහේ ඉන්නවා කියලා. ඒ කාලේ මට හොදට සිංහල කතා කරන්න පුලුවන්. මට හමුදාවෙන් කිවුවා ”අම්මේ මෙහෙ ගෙනාවේ නෑ. අවොත් අපි අම්මට කියන්නම් කියලා.” ඒ ගොල්ලෝ මට ආදරෙන් කිවුවා.

පස්සේ මම පුන්තෝට්ටම් කදවුරට ගියා එහෙ කාට්ටියගෙන් අහනකොට ඒ කට්ටිය ඕමන්ත ප්‍රදේශයේදී පුතා දැක්කා කිවුවා නමුත් එතනින් පස්සේ දැක්කේ නැ කියලා එතන හිටපු අය කිවුවා. පස්සේ මට දවස් 10 වගේ ගියාම එක්ජ්කෙනෙක් කෝල් කරලා ඇහුව අම්මේ කවුද ඔයාගේ වන්නි ප්‍රදේශයේ ඉන්නේ කියලා ඇහුවා. මම කිවුවා මගේ පුතා ඉන්නවා කියලා. මම ඇහුවා මොකද එයාට වුනේ කියලා.එයා කිවුවා මම ඕමන්තේ පොස්ට් එකේ හිටියේ ඔයාගේ පුතා එහෙ අවම තමයි අත්අඩංගුවට ගත්තේ, එතාකොට පුතා ඔයාගේ අංකය දීලා කිවුවා ” මාව එක්කන් යනවා.අම්මට පොඩ්ඩක් කියන්න කියලා.” මම අඩුවම එයා කිවුවා ඒ ගොල්ලෝ විමසීම් කරන්න එක්කන් ගියේ අඩන්න එපා කියල කිවුවා. ඒ ගොල්ලෝ මුකුත් කරන්නේ නැ කියලා කිවුවා. මම අවහම කියන්නම් කියල එය කිවුවා. 

පස්සේ මාසයක් ගියාම යේ එයට කතා කරාම කිවුවා තාම ආවේ නැ අවහම කියන්නම් කියලා.පස්සේ මම ආයේ ගන්නකොට ඒ අංකය වැඩ කරේ නැ.  මගේ පුතා කොටි සංවිධානේ හිටියා කස්ත බැන්දට පස්සේ ඊට පස්සේ ඒ සංවිධානෙන් අයින් වෙලා ගෙදර හිටියේ එයා බැන්දේ ගුරුවරියක් අන්තිම කාලේ හිටපු කොටි ඔක්කම අයෙත් සංවිධානෙට එන්න ඕනේ කියලා නියෝගයක් දුන්නා. ඊට පස්සේ අන්තිම ටිකේ එයා ඒ ගොල්ලෝ එක්ක සම්බන්ධ වෙලා හිටියා.

අන්තිම කාලේ එයාගේ බිරිද ගැබ් ගෙන හිටියේ දැන් එයාට බබාලා දෙන්නෙක් ඉන්නවා. එක හරි දුකයි. මම අම්මා නමුත් මට වඩා එයාගේ බිරිදත් ළමයිනුත් හරිම පවු එයාගේ ලොකු දුව ශිෂ්‍යත්වේ පාස් වෙලා මට කතා කරලා ඇඩුවා. එයාඅ අහනවා ඔක්කම ළමයි තාත්තට විභාගේ පාස් වුනාම කියනවා. මම කාටද කියන්නේ කියලා එයා අහනවා. අපි ඉල්ලන්නේ ඒ අය ඉන්නවද? මරලා දැම්මද? කියලා කියන්න අපිට එතකොට ඒ ය වෙනුවෙන් පින් දෙන්න වත් පුළුවන්. දැන් අපි ඒ ය ඉන්නවද නැද්ද කියලා වත් අඩන්නේ නැතුවයි ඉන්නේ යයි ලිලාදේවි මහත්මිය පවසයි.

මෙසේ සිය ස්වාමියා අතුරුදන්වීමෙන් පසු ඔහු යලිත් පැමිණෙන තෙක් බලා සිටින උතුරේ දස දහස් සංඛ්‍යාත බිරින්දෑවරු අතරින් එක බිරිදක් වන සබීතා රදීස්වරන් මහත්මිය සිය අදුරු අත්දැකීම මෙසේ විස්තර කරන ලදී. මගේ සැමියාගේ නම වයිරවමුත්තු රදීස්වරන් එයා තමයි දැන් අතුරුදහන් වෙලා ඉන්නේ, 2009 මැයි 18 දා එයා ආමි එකෙන් එන්න කියලා එයා ගියා. ඊට පස්සේ ඒ ය කියලා තියනවා ප්‍රශ්න ගොඩාක් අහන්න තියනවා ඒවා අහලා ඔයා ගෙදර යවන්නම් කියලා. එයාව අමි එකෙන් භාර ගත්තේ වඩ්ඩුවාකල් පාලම ලදී. එතැනදී එයාල කිවුවා මගේ මහත්තයා ඕමන්ත චෙක් පොයින්ට් එකට ගෙනත් භාර දෙන්නම් ඔයාලා යන බස් එකේ යන්න කිවුවා.

ඒ ය බස් 03 ක නන්ගලා හිටියා. එතන 150 ක් විතර හිටියා. 18 වෙනිදා උදේ 6.30 වගේ වෙනකොට මගේ මහත්තයා ඇතුළු ඒ කණ්ඩායම බස් එකට නැඟලා තිබුනා. කොහොමහරි අපි ඕමන්තේ එනකොට මැයි 21 වුනා. දවස් 04 ම අපි බස් එකෙමයි හිටියේ. අපේ  කරගන්න වත් ඒ දවස් 04 අපිට අපාහසු වුනා. අපිට  තිබුනේ නෑ. ඒ වෙලාවේ දරුවෝ අඩ අඩා හිටියා. අපි විශ්වාස කරලා තමයි එයා භාරදුන්නේ, අපි එයා 18 භාරදීලා 21 ඕමන්තේ ඇවිලා බැලුවා. එයා හිටියේ නෑ. අපි අහනකොට කිවුවා අපිට පුනුරුත්තාපන කදාවුරු වලට යන්න. ඒවට ගෙනල්ලා දෙනවා කියලා. ඊට පස්සේ අපි 23 දා සෝන් 04 කියන තැනට අරන් ගියා.

එතනින් මනවහිමකම්, අයි.සී.ආර්.සී වගේම පොලිසියත් ඇවිල්ලා රිපෝට් ගත්තා.එතන ඉදලා අද වෙනකම් මම මගේ ස්වාමියා හොය හොයා ඉන්නවා. ඊට පස්සේ අපි අනාථ කදවුරේ ඉදලා 2009 නොවැම්බර් 11 දා අපි ගෙවල් වලට යන්න නිදහස් කළා නමුත් ඒ වෙනකොටත් මුලතිව් පැත්තට යන්න බැරි නිසා මම මගේ ස්වාමිපුරුෂයාගේ ගෙදර ගියා. පස්සේ එයාලාගේ අක්කලා මාව බලා ගත්තා. ඒ කාලේ අපිට කිසිම ජීවනෝපායක් තිබුනේ නෑ. පස්සේ මගේ තාත්තගේ උදවුවෙන් ඇදුම් මහගෙන අවුරුදු 02 විතර ජිවත් වුනා. මම සිංහල දන්නා නිසා දැන් සිංහල පන්ති කරගෙන ජිවත් වෙනවා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා නැති වෙනකොට මගේ ළමයින්ට එක්කෙනෙක්ට අවුරුදු 07 යි අනික් එක්කෙනාට අවුරුදු 03 යි. දැනුත් එයාලා බලාපොරොත්තුවෙන් ඉන්නේ කවදා හරි තාත්තා එයි කියලා. එයාලගේ හිතේ තියන වේදනාව කියන්න බැරුව තමයි දරුවෝ දෙන්නත් ජිවත් වෙන්නේ, අපේ බලාපොරොත්තුව අපේ අය කොහෙද ඉන්නේ, කවදද එන්නේ, එයාලා එයිම කියන බලාපොරොත්තුවෙන් තමයි අපි ඉන්නේ, මගේ ස්වාමියා කොටි සංවිධානෙට සම්බන්ධ වෙලා හිටියා. 18 දා හාමුදාවෙන් කිවුවේ කොටිත් එක්ක කොහොම හරි දවසක් වත් වැඩ කරාපු කෙනෙක් ඉන්නවා නම් භාර වෙන්න කියලා. එයා අතුරුදහන් වෙනකොට වයස අවුරුදු 42 යි. අපි තාමත් මැග බලාගෙන ඉන්නේ එයා අපහු එයි කියලා. යනුවෙන් ඇය මුහුණදුන් අත්දැකීම හා තම ස්වාමියා පිළිබද අත්දැකීම කෙටියෙන් විස්තර කරන ලදී.

අතුරුදන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ දත්ත වලට අනුව යාපනේ දිස්ත්‍රික්කයේ පමණක් අතුරුදන්වූ පුද්ගලයින් ගණන 1488 කි. ඒ අනුව යාපනේ මෙම පුද්ගලයින්ගේ පවුල් වල උදවිය සිය ආදරණිය ඥාතියා පිළිබද තොරතුරක් ලැබෙන තෙක් දැනට දශකයකට වඩා බලා සිටි ඇතැමුන් එම න්බලාපොරොත්තු සමගාම මියගොස් සිටි. මෙසේ කැඩුණු සිත් කෙසේ සුවපත් කරම්ද යන්න ඔබ අප වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතිය යුතු නොවන්නේද?  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!