8.6 C
New York

ජනාධිපති, හොරෙන්ම තානාපතිවරු පත්කරලා

Published:

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එම මැතිවරණයේ අපේක්ෂකයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව තානාපතිවරුන් හය දෙනකු පත්කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචිමාර්ග අනුව මෙම පත්වීම් සිදුකර ඇත්තේ මැලේසියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, ඊජිප්තුව සහ බහරේන් රාජ්‍යය වෙතයි. මේ පත්වීම් ලිපි විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත.

මීට අමතරව මෙතෙක් අමාත්‍යාංශයක ප්‍රධාන ගණකාධිකාරීවරයකු ලෙස කටයුතු කළ අයෙක් නිව්යෝර්ක් හි උපදේශකවරයකු ලෙස පත්කර ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයාකුගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ අයෙක් ටොරොන්ටෝහි කොන්සල් ජනරාල්වරයාගේ පුද්ගලික සහකාර ලෙස පත්කර ඇති බවත් දැනගන්නට ඇත.

මැතිවරණ කොමිෂන් සභාවෙන් මේ පිළිබඳ විමසීමේ දී කියා සිටියේ එම පත්කිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවයි.

Related articles

Recent articles

spot_img