-2.1 C
New York

අතුරුදන්වූ රුසියානු යානයේ සුන්බුන් හමුවේ

Published:

සංචාරකයින් 19දෙනකු රැගෙන යමින් සිටියදී අතුරුදන් වූ රුසියානු හෙලිකොප්ටරයේ සුන්බුන් නැගෙනහිර කඳුකර ප්‍රදේශයෙන් සොයාගෙන ඇතැයි වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථ‍ාවේ යානයේ කාර්යමණ්ඩලයේ තිදෙනකු ද සිට ඇතැයි බලධාරීහු පවසති.

කම්චෙට්කා අර්ධද්වීපයේ වැච්කසෙටිස් ගිනි කන්ද අසල කඳවුරකින් ගුවන්ගත වීමෙන් පසු සෙනසුරාදා(31) යානය අතුරුදහන් විය. බලධාරීන් ඉරිදා පැවසුවේ මේ වන විට මළ සිරුරු 17 ක් සොයාගෙන ඇති බවයි.

ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන එම ප්‍රදේශය සක්‍රිය ගිනි කඳු සඳහා ප්‍රසිද්ධය. කෙසේවුවද යානය කඩා වැටීමට හේතුව අපැහැදිලියි.

අතුරුදහන් වූ Mi-8T හෙලිකොප්ටරයේ සංචාරකයින් 19 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය තිදෙනෙකු සිට ඇත. මේ වනවිට අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු නවතා දමා ඇති අතර සඳුදා අලුයම නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත. බලධාරීන් පැවසුවේ ඝන මීදුම ගලවා ගැනීමේ උත්සාහයට බාධා කරන බවයි.

සෝවියට් යුගයේ නිර්මාණය කරන ලද Mi-8 හෙලිකොප්ටරය තවමත් රුසියාවේ බහුලව භාවිතා වේ.

Related articles

Recent articles

spot_img