3.8 C
New York

ජනාධිපතිවරණයේදි දෙවන මනාපය ප්‍රකාශ කරන්න

Published:

මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට  සියයට පනහක්  ඉක්මවිමට නොහැකි වන බැවින් රටේ ස්ථාවරභාවය සඳහා දෙවන මනාපය ප්‍රකාශ කරන ලෙස මහපොලවේ ක්‍රියාත්මක දේශපාලන හා සිවිල් සංවිධාන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම සංවිධාන වෙනුවෙන් ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයේ ලේකම් දර්ශන තන්ත්‍රීගේ ඒ බව පැවසුයේ  කලුතර බෝධිය අසලදි ජනතාව දැනුවත් කරන පත්‍රිකා බෙදමින් සිටියදි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඉතිහාසයේ පලමු වතාවට ප්‍රබල අපේක්ෂකයන් තිදෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් අතර තරඟයක් පැවැත්වෙනවා. අපි කිසිදු අපේක්ෂකයකුට සහාය දිමක් කරන්නේ නැ. අපි කරන්නේ රටේ පැත්තේ හිට ගැනිම. රටේ පැත්තේ හිටගන්නවා කියන්නේ මේ ජනාධිපතිවරණයෙන් පසුව රට අස්ථාවර විම වලක්වා ගැනිම කියන එක. මේ තරගයේදි කිසිවෙක් 50% ඉක්මවන්නේ නැ කියන එක පැහැදිලියි. එහෙම වුනොත් සුළුතර මතය සහිත  ජනාධිපතිවරයෙක් පත්වෙන්න පුළුවන්. ඒක ඔහුට පස්වසරක රාජ්‍ය පාලනයට අගතියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවට යෝජනා කරන්නේ තමන් කැමතිම අපේක්ෂකයාට ජන්දය දිමේදි කතිරය වෙනුවට එකේ ඉලක්කම ලියන්න. ඔහු හැරුනාම ඊලගට සුදුසුයි කියලා හිතන කෙනා කවුද කියලා තිරණය කරලා ඔහුගේ ලකුණ ඉදිරියේ දෙකේ ඉලක්කම ලියන්න. ඒ දෙන්නගෙන්ම පසුව තුන්වනුව කැමති කෙනාගේ ලකුණ ඉදිරියේ තුනේ ඉලක්කම ලියන්න. අපි ඒ විදියට දෙන ජන්දය නුවණක්කාර ජන්දය ලෙස හදුන්වනවා. ඒ මගින් කවුරු හෝ කෙනෙක් 50% ගනි කියලා අපි විශ්වාස කරනවා යැයි ඔහු පැවසිය

Related articles

Recent articles

spot_img