spot_img
spot_imgspot_img

රංගේ මහලේකම් ධූරයෙන් ඉවතට?

පුවත්

විදෙස්

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කිරීම පිලිබඳ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්සන් තබා ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මහලේකම් ධූරයට අදාල රාජකාරි රංගේ බණ්ඩාර විසින් හරියාකාරව ඉටු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

වැඩිදුර වාර්තා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල පත්කරන ලෙස පක්ෂයේ බහුතර පිරිසක් ඉල්ලීම් කර ඇති බවයි. කෙසේවුවද ඇය මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවද සඳහන් වේ.

මේ අතර අද (30) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් රංගේ බණ්ඩාර කියා සිටියේ, තමා පක්ෂයේ මහලේකම් ධූරයෙන් ඉවත්කර ඇති බවට මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

තමා මන්ත්‍රී ධූයකට සහ යම් මුදලකට විකිණී ඇති බවට එල්ලවී ඇති චෝදනා සාවද්‍ය බවත් ඒවාට ඉදිරියේදී පිලිතුරු දෙන බවත් තමාගෙන් සහ තම පවුලේ උදවියගෙන් පළිගැනීමෙන් වළකින ලෙසත් හෙතෙම එහිදී වැඩිදුරටත් පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!