2.5 C
New York

2024 ජනාධිපතිවරණය, අපේක්ෂකයන්ගෙන් අමුතු ඉල්ලීම්

Published:

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති ඇතැම් අපේක්ෂකයින් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් අමුතු ඉල්ලීම් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

තොරතුරු වාර්තා වී ඇති ආකාරයට එක් ජනාධිපති අපේක්ෂකයෙකු තම ආරක්ෂාව සඳහා ස්නයිපර්වරයෙකු ඉල්ලා ඇති අතර, තවත් අපේක්ෂකයෙකු තමාට බිරිඳගෙන් ජීවිත තර්ජන ඇතැයි ආරක්ෂාව ඉල්ලා ඇත.

බිරිඳගෙන් ජීවිත තර්ජන ඇතැයි පවසන අපේක්ෂකයා බිරිඳගෙන් වෙන්ව ජීවත් වන බවද සඳහන් කර ඇතැයි වාර්තා වේ. කෙසේවුවද මොහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.

ඉදිරි මැතිවරණ කාලසීමාවේදී හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය විසින් විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබුවා.

Related articles

Recent articles

spot_img