2.5 C
New York

2024 ජනාධිපතිවරණය, අපේක්ෂකයන් තිදෙනෙක් අතුරුදන්

Published:

2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් අපේක්ෂකයන් තිදෙනකු සොයාගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් දුරකථයට පවා ප්‍රතිචාර නොදක්වන බවත් මැතිවරණ කොමිසන් සභාව පවසයි. මේ හේතුවෙන් ඔවුන් ගැන නොසලකා ඉදිරි කටයුතු කරගෙන යෑමට තීරණය කර ඇති බව ද ඔවුහු පවසති.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ මොවුන් තිදෙනා නාමයෝජනා භාරදී ඇති බැවින් එය ඔවුන්ගේ කටයුත්තක් නොවන බවයි.

“ඔවුන් අතුරුදන් වී ඇත්නම් පොලිසියට පැමිණිලි කළ හැකියි. මෙයට මැතිවරණ කොමිසමේ කිසිම සම්බන්ධයක් නැහැ.”

මීට අමතරව එක් රැස්වීමක් හෝ පවත්වා නොමැති අපේක්ෂකයින් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ රැස්වීමක් සංවිධානය කරනවාද නැද්ද යන්න තීරණය කිරීම ඔවුන් සතු බවයි. “නැවතත්, එය අපගේ කාර්යයක් නොවේ,” ඔහු තවදුරටත් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයනය සඳහා වූ ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසා සිටියේ, නාමයෝජනා භාර දීමෙන් පසු අතුරුදහන් වී ඇති ජනාධිපති අපේක්ෂකයින් තිදෙනෙකු පිළිබඳව සිය කනස්සල්ල පළ කරන බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ අපේක්ෂකයින් 38 දෙනාගෙන් රැස්වීම් සංවිධානය කර ඇත්තේ 15 දෙනෙකු පමණක් බවයි.

Related articles

Recent articles

spot_img