-2.1 C
New York

බෝම්ම බියකින් ගුවන් තොටුපලේ හදිසි තත්ත්වයක්

Published:

මුම්බායි සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් යානයක බෝම්බයක් ඇති බවට තොරතුරක් වාර්තා වීම හේතුවෙන් අද තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පූර්ණ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.

මගීන් 135 දෙනෙකු සමඟ ගුවන් යානය පෙරවරු 8 ට පමණ ආරක්ෂිතව ගුවන් තොටුපළට ගොඩ බස්වා ඇති අතර එය හුදකලා ස්ථානයකට ගෙන ගිය බව ඔවුහු පැවසූහ.

8.44 වන විට මගීන් ආරක්ෂිතව ගුවන් යානයෙන් ඉවත් කිරීමට බලධාරීන් සමත් වී තිබේ.

යානය තිරුවන්තපුරම් ගුවන් තොටුපළ වෙත ළඟා වන විට බෝම්බ තර්ජනය පිළිබඳව නියමුවා විසින් දැනුම් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් අනතුරුව පෙරවරු 7.36 ට ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ඔවුන් සඳහන් කළේය.

“ජීවිත වලට කිසිදු බලපෑමක් සිදුවී නැත. ගුවන් තොටුපළ මෙහෙයුම් දැනට බාධාවකින් තොරව පවතී,” ආරංචි මාර්ග පැවසීය.


Related articles

Recent articles

spot_img