spot_img
spot_imgspot_img

බස් රථය පෙරළී වන්දනාකරුවන් 28ක් මරුට

පුවත්

විදෙස්

ඉරානයේදී පකිස්ථාන වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරළීමෙන් අවම වශයෙන් මගීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මධ්‍යම ඉරානයේ Yazd පළාතේ අඟහරුවාදා රාත්‍රියේ මෙම අනතුර සිදුවී ඇති අතර එය දෝෂ සහිත තිරිංග පද්ධතියක් හේතුවෙන් සිදුවූවක් බව මූලික පොලිස් විමර්ශනයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

තවත් මගීන් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඉරානයේ පාකිස්තාන තානාපති මුහම්මද් මුදසීර් ටිපු පැවසීය.

වන්දනාකරුවන් පකිස්ථානයේ සින්ද් පළාතේ සිට ඉරාකයේ ශුද්ධ නගරයක් වන කර්බාලා වෙත ගමන් කරමින් සිටියේ ෂියා සැමරුම් උත්සවයක් සඳහා ය.

ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ලර්කානා, ගොට්කි සහ සින්ද්හි නගරවල වන්දනාකරුවන් ඇතුළු 50 දෙනෙකු පමණ අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිට ඇති බව විශ්වාස කෙරේ.

අනතුරින් මියගිය අය අතර කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමින් 17 දෙනෙකු සිටින බව සඳහන් වේ.

වාහනයේ රියදුරුගේ පාලනය නොමැතිකම, මාර්ගය පිළිබඳ නුහුරු භාවය, අධික වේගය සහ තාක්ෂණික ගැටළු හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇති බව මූලික විමර්ශන වලින් හෙළිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!