-0.7 C
New York

තලතා ඉල්ලා අස්වෙයි

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අද(21) නිවේදනය කළාය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියා.

සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් අතුකෝරල මහත්මිය කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා SJB පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ බවයි. සමගි ජන බලවේගය තුළ පවතින විවිධ මතභේද හේතුවෙන් තමන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ඇය කීවාය.

 සජිත් ප්‍රේමදාස දේශපාලනයේදී සියදිවි නසාගෙන ඇතැයි ඇය කීවාය.

“සජිත් ප්‍රේමදාස තව අවුරුදු පහක් ඉවසුවා නම් තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් අපිට මේ අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මම සජිත් ප්‍රේමදාස මහතාට කියනවා, ඔබව මේ අගාධයට තල්ලු කරන අයට අවශ්‍ය වෙන්නේ ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන්න විතරයි, ඔවුන්ට අවශ්‍ය නැහැ ඔබව ජනාධිපති කරන්න.” ඇය වැඩිදුරටත් පැවසීය.

“රනිල් වික්‍රමසිංහ මහතා හොරු සමග වාසය කරනවා චෝදනා එල්ල කළා. සමගි ජන බලවේගයට දැන් එය පාරාවළල්ලක් වෙලා. එදා හොරුන්ගේ නැවෙන් එළියට පැන්න අය අද සමගි ජන බලවේගයට ඇවිත්. ඒ නිසා අපි දැඩි කළ කිරීමකට ලක්වෙලා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස මෙන්ම රනිල් වික්‍රමසිංහ ද බලය වෙනුවෙන් ඉවසන්න කියන පාඩම අපට උගන්වා තියෙනවා. මේ ජනාධිපතිවරණය ජය ගන්න නම් එක්වී තරඟ කළයුතුයි. රකි වික්‍රමසිංහ එක්වෙන්න යැයි ආරාධනා කරද්දීත් සජිත් එයට විරුද්ධ වූයේ ඇයිදැයි මා දන්නේ නැහැ.” යැයි තලතා පැවසීය.

Related articles

Recent articles

spot_img