spot_img
spot_imgspot_img

එක් ඡන්දයකට රුපියල් 1,000ක් දෙන්නම්ලු

පුවත්

විදෙස්

එක් ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 1,000.00ක මුදලක් වියදම් කිරීමට තමන්ට අවස්ථාව ලබා දෙන්න යැයි ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් ඉල්ලීම් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂයකි (17,000,000) ඒ අනුව රුපියල් 1,000.00ක් වියදම් කිරීම සඳහා ඔවුන් ඉල්ලා ඇත්තේ ඡන්දය වෙනුවෙන් රුපියල් 17,000,000,000.00ක් (බිලියන 17ක්) වියදම් කිරීමේ අපේක්ෂාවෙනි.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව එක් අපේක්ෂකයකුට එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල නාමයෝජනා බාරදීම අවසන් වී දින 05ක් ගතවීමට පෙර ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුය.

මැතිවරණය අවසන් වී දින 20ක් ඇතුළත සෑම අපේක්ෂකයකුම තමන් සිදුකළ වියදම් පිළිබඳ වාර්තා මැතිවරණ කොමිසමට භාරදිය යුතු අතර ඒව මහජනයාට පරීක්ෂා කිරීම සඳහ ද අවසර ලැබෙයි.

එම මුදලට වඩා වැඩි මුදලක් යම් අපේක්ෂකයකු වියදම් කරන්නේ නම් එම අපේක්ෂකයාට එරෙහිව කටයුතු කර ජනාධිපතිධූරයට පත්ව සිටියත් ධූරය අහිමිකිරීමේ නීතිමය හැකියාවක් තිබේ.

මෙම වියදම් සීමාව තීරණය කිරීමට පෙර මැතිවරණ කොමිසම අපේක්ෂකයන්ගෙන් ද මතය විමසන අතර 16 වැනි දා ඒ පිළිබඳ සාකච්ඡාව මැතිවරණ කොමිසම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

මැතිවරණ වියදම් නියාමන පනත සම්මතවීමෙන් පසු පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා එක් අපේක්ෂකයකුට එක් ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කිරීමට හැකියාව ඇති මුදල රුපියල් 20.00ක් ලෙස ගැසට් කෙරිණි. නමුත් මැතිවරණය මෙතෙක් පවත්තවා නැති බැවින් මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් අත්දැකීමක් කිසිවෙකුට මේ දක්වා ලැබී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!