-2.5 C
New York

මෛත්‍රී එපා, රනිල් කියයි

Published:

ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් තම ඉල්ලීම කළේ අතරමැදියෙකු මාර්ගයෙන් බවයි සඳහන් වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ කමිටු නියෝජිතයෙකු ලෙස බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ මේ වනවිට මෛත්‍රී-විජයදාස සහජීවනය අවසන් වී ඇති බවයි. 

“මෛත්‍රීපාල සිරිසේන අපේ පක්‍ෂයේ හිටපු සභාපති වුණත් අන්තිමට එයාට උදව් කරපු හැමෝම නැති වුණා. එයා වංචා කළා. එයා මුළු ඉතිහාසයේම මිනිස්සු රැවැට්ටුවා” ඔහු පැවසීය.

“පසුගියදා විජේදාස රාජපක්ෂ ශ්‍රීලනිපයේ සභාපති ධූරයට පත් කළා. ඒක නීති විරෝධීයි කියලා උසාවිය පවා තීන්දු කළා. දැන් විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ වෙනත් පෙරමුණකින්. අපි අහලා තියෙන විදියට අපේ හිටපු ජනාධිපති සිරිසේනත් විජේදාස රාජපක්ෂව අන්දලා තියෙනවා. .දැන් එයා වෙන තැනක් බලනවා” ඇමතිවරයා පැවසීය.

“අපේ පක්‍ෂයේ හිටපු සභාපතිතුමාට යන්න තැනක් නැති තැනට පත්වෙලා. කිසිම පක්ෂයක් ඔහුව පිළිගන්න කැමති නැහැ. ඔහු තම සමාජ විශ්වාසය විනාශ කළා. එයා දැන් කොහේ හරි කුණු ගොඩක් හොයනවා ඇති. ඒකට එකතු වෙන්න. නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මේ තරම් පහත් තත්ත්වයකට ඇදවැටීම ගැන අපි කනගාටු වෙනවා.

Related articles

Recent articles

spot_img