spot_img
spot_imgspot_img

හික්කඩුව විකල්ප මාර්ගය විවෘත කිරීම මැතිවරණ කොමිසම නවත්වයි

පුවත්

විදෙස්

හික්කඩුව නගරයේ ඉදිකරන ලද විකල්ප මාර්ගය දේශපාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (16) විවෘත කිරීමට ගත් උත්සාහය මැතිවරණ කොමිසම විසින් නවතා දමා තිබේ. 

ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමිසාරිස් ඩබ්ලිව්.එච්.ආර්.විජයකුමාර මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන තිබිණි.

රජයේ මුදල් භාවිතා කරමින් සිදුකර ඇති මෙම ව්‍යාපෘතිය කරන ලද්දේ 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ද වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමන් බව සඳහන් කරමින් එම උත්සවය සඳහා ආරාධනා පත්‍ර බෙදාහැර තිබිණි. එම උත්සවය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන මැති ඇමතිවරු කිහිප දෙනකු සහ අමාත්‍යාංශ ලේකම්වරයකු ද සහභාගී වන බව ද වාර්තා වී තිබිණි.

අද සවස 4.30ට මෙය විවෘත කිරීමට නියමිතව තිබිණි.

ජනාධිපතිවරණයේ දී පොදු දේපළ අවභාවිතය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් 2024-07-26 වැනි දින ඔහුගේ අංක EC/PRE/2024/6-048 දරණ චක්‍රලේඛ අංක 05හි 07(i) අනුව මෙය පොදු දේපළ අවභාවිතා කිරීමක් බැවින් එම උත්සවය පැවැත්වීම නවතා දැමීමට කටයුතු කළ බව  මැතිවරණ කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!