spot_img
spot_imgspot_img

රත්මලාන රේඩාර් පද්ධතිය හදිස්සියේ බිඳවැටුණු බවට පලවූ පුවත් අසත්‍යයි

පුවත්

විදෙස්

රත්මලාන රේඩාර් පද්ධතිය හදිසියේ බිඳ වැටී ඇති ඇතැයි පසුගිය 14 වනදා පස්වරුවේ පළ වූ සාවද්‍ය වාර්තා සම්බන්ධයෙන් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ රේඩාර් පද්ධතියේ බිඳ වැටීමක් සිදු නොවූ බවයි.

හඳුනාගන්නා ලද දෝෂයක් යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් පෙර සැලසුම් කර තිබූ නඩත්තු කටයුත්තක් සඳහා එම පද්ධතිය මෙහෙයුම් කටයුතුවලින් ඉවත් කළ බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

නඩත්තු කටයුතු සඳහා සැලසුම් කර තිබූ කාලයට වඩා වැඩි කාලයක් ගත වුවද සේවාවන්හි කිසිදු බාධාවක් ඇති නොවූ බවද කටුනායක ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම වැඩිදුරටත් පවසනවා. 

මෙම නඩත්තු කටයුත්ත හේතුවෙන් රත්මලාන ගුවන්තොටුපලින් පාලනය වන ගුවන් ගමන් පාලකවරුන්ගේ රේඩාර් ආවරණ කළාපයේ කටයුතු වලට පමණක් බලපෑම් ඇතිවූ බවද එම කටයුතු කටුණායක රේඩාර් පද්ධතිය වෙත යොමුකළ බවද සමුද්‍ර සන්නිවේදන කටයුතු සාමාන්‍ය පරිදි රත්මලාන ගගන නාවුක සන්නිවේදකවරුන් විසින් රත්මලාන පර්යන්තයේ සිටම මෙහෙයවූ බවද එහි සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!