spot_img
spot_imgspot_img

සේවිකාව වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට අධිකරණ නියෝගයක්

පුවත්

විදෙස්

තම නිවසේ සේවය කල කාන්තාවගේ විදේශ ගමන් බලපත්‍රය සන්තකයේ තබාගෙන ඉතාම අඩු වැටුපකට ඇයව වහල් සේවයේ යෙදවීම සම්බන්දව ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක වූ හිමාලි අරුණතිලක ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය ඉදිරියේ වරදකරු වී තිබේ.

ඔස්ට්‍රේලියානු කම්කරු නීතිය අනුව ඇයගේ ගෘහ සේවිකාවට නොගෙවූ වැටුප් සහ පොලී වශයෙන් ඩොලර් 543,000ක් ගෙවීමට අධිකරණය නියෝග කර ඇත.

හිමාලි අරුණතිලක, 2023 වර්ෂයේ දී ජීනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිතවරිය ලෙස ද පත්කර ඇති අතර ඇය මේ දක්වා එම තනතුරේ සේවය කරයි.

2015 වසරේ සිට 2018 වසර දක්වා ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි සේවය කළ හිමාලි අරුණතිලක සිය සේවිකාව වන ප්‍රියංකා ධනරත්නට ගෙවා ඇත්තේ පැයකට ඩොලර් ශත 75ක් බවද සේවිකාවගේ විදෙස් ගමන් බලපත්‍රය සන්තකයේ තබාගෙන ඇයට නිවසින් පිටව යෑමට අවස්ථාවක් ලබා දී නොමැති බවට ද අධිකරණය ඉදිරියේ කරුණු අනාවරණය වී තිබෙනවා.

සේවිකාව වසර තුනක කාලයක් රඳවා තබාගෙන ඇති අතර ඇයගෙන් දිනකට පැය 16ක පමණ කාලයක් සේවය ලබාගෙන ඇති බවද අධිකරණයේ දී අනාවරණය වී තිබිණි.

කම්කරුවන්ට ඕස්ට්‍රේලියාවේ අයිතිවාසිකම් ඇති බවත්, තම සේවකයන් වහලුන් වැනි විධිවිධාන යටතේ තබා ගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය පිටුපස සැඟවිය නොහැකි බවත් පැහැදිලිවම තහවුරු කරන බව මෙම අධිකරණ නියෝගයෙන් පැහැදිලි වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!