spot_img
spot_imgspot_img

හමුදාව නිසා අසරණ වූ දරු පවුල්

පුවත්

විදෙස්

ප්‍රසන්න ප්‍රදීප් කුමාර විසිනි

යුද්ධය අවසන් වී වසර 15ක් ගත වුවත් යුද හමුදාව තවමත් යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 2,859.12ක් අල්ලාගෙන සිටීම හේතුවෙන් පවුල් 1512ක ජනතාවට උන්හිටිතැන් අහිමිව අන්ත අසරණ වී ඇතැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද විමසීමක දී අනාවරණය විය.

යුද්ධය පැවැති කාලයේ දී ආරක්ෂක කටයුුතු සඳහා යැයි කියමින් ජනතාව සතු ඉඩම්වලින් ඔවුන් ඉවත්කර ඒවා හමුදා භාරයට පත්කරගෙන තිබිණි. ඉන් අක්කර 2,859.12ක් මෙතෙක් ජනතාව වෙත නිදහස් කර නැත.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතට අනුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් කරන ලද විමසීමක දී අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ශ්‍රී මොහානන් ගේ අත්සනින් යුතුව JDS/RES/L.TF&P/VII/01/2024 යන අංකය ඇතිව ලබාදී ඇති පිළිතුරු ලිපියෙන් මේ බව අනාවරණය වෙයි.

ඒ අනුව එසේ පිඩාවට පත්ව ඇති පවුල් කීපයක සාමාජිකයින් ගෙන් මෙම ගැටලුව පිළිබද විමසා සිටි අවස්ථාවේ දී අදහස් දැක්වූ  ඒ. ගුනශක්තිවේල් මෙසේ කීවේය.

“අපි 1990 ගණන්වල අපිට ගම්බිම් ගෙවල් දොරවල් අතහැරලා පණ බේරාගෙන එන්න වුණා. අපි අවතැන් වුණා. නමුත් දැන් අවතැන් කඳවුරු කිසිවක් නෑ. නමුත් අපි තවමත් අවතැන් වෙලා ඉන්නේ. අපේ ඇතැම් අය තාමත් ඥාති ගෙවල්වල ඉන්නේ. ඉඩම්, ගෙවල් දොරවල්, යාන වාහන තිබුණු අපිට කිසිම දෙයක් නෑ. දැන් බිම් අඟලක අයිතියක් නැතිවෙලා. මේක මහා දුක්ඛිත ජීවිතයක්. රජයට කොතෙක් කීවත් වැඩක් නැහැ. අපි ගැන බලන්නේ නෑ.”

යාපනයේ පදිංචි  රාසලිංගම් රානි මෙසේ කීවාය.

“මම 1990 අවතැන් වෙලා එනකොට මගේ වයස අවුරුදු 16 යි. දැන් මට මට ගැහැණු දරුවෝම 03 ක් ඉන්නවා. අපි ඉන්නේ කුලී නිවසක මගේ ලොකු දුව දැන් විවාහ වෙලා. ඒ අයත් ඉන්නේ අපිත් එක්ක අපේ ඉඩම් අපිට ලැබුණානම් අපි සතුටින් ඉන්නවා. මම හදිසියේ මැරුණොත් මගේ එක ළමයෙක් වත් මගේ ඉඩම තියන තැන දන්නේ නෑ.ඒ ඉඩම බලන්න යන්න දෙන්නෙවත් නෑ. ඒ නිසා දරුවෝ අපිට තිබුණු එයාලගේ උරුමය ගැන දන්නේ නෑ. මේක පුදුම අසාධාරණයක්. කවුද මේවට විසඳුමක් දෙන්නේ.”

කෙසේ වෙතත් මෙම ප්‍රදේශ වල 1983 සිට 2009 දක්වා ආරක්ෂක හේතුන් මත අත්පත් කරගත් ඉඩම් අක්කර දහස් ගණනක් මේ වන විට යුද ගැටුම් අවසන් වීමෙන් අනතුරුව විවිධ රජයන් යටතේ සිවිල් ජනතාව හා රජය ආයතන වෙත නිදහස් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරි වරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

2 COMMENTS

  1. දැන් සේරම හමුදාවට අපහාස කරනව යුද්දෙ කාලෙ ඔබල කොහෙද හි⁣ටියෙ නිකන් බොරැ හෑලි දාන්න එපා මෙිකට හරියට හොයල දාපල්ල නැවත රටෙි යුද්ධයක් ඇති වුනොත් ඔබල යනවද යුද්දෙ කරන්න බොරැ චෝදනා දාන්න එපා ඩයස්පෝරාවෙන් සල්ලි අරගන රටෙි හමුදාවට අපහාස කරන්න එපා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!