-2.5 C
New York

රියදුරාගේ නින්ද, තිදෙනකුගේ මාරයා වූ හැටි

Published:

වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් අද (12) සිදු වූ රිය අනතුරකින් කුඩා බිළිඳකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාස 04ක් වයසැති බිළිඳකු, එම බිළිඳාගේ මව සහ ත්‍රී රෝද රථ රියදුරාය. රථයේ ගමන්කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි ළමයකු බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ ත්‍රී රෝද රථයේ රියදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැක කරන බවයි.

Related articles

Recent articles

spot_img