-0.7 C
New York

ග්‍රාම නිලධාරීන්ගේ වර්ජනයෙන්, ජනාධිපතිවරණයට බලපෑම් ?

Published:

මැතිවරණයක දී අත්‍යාවශ්‍ය රාජකාරී ඉටුකරන ග්‍රාම නිලධාරීන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදාල කටයුතු කිරීමට එකඟතාවකට එළබුණ ද නැවත ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම කියයි.

මෙවැනි තීරණයකට එළැඹ ඇත්තේ ග්‍රාම නිලධාරීන් දියත් කර ඇති වැඩ වර්ජනය හේතුවෙනි.

කෙසේවෙතත්, අද (12) සහ හෙට (13) සියලු රාජකාරී වලින් ඉවත් වන බවත් දීපව්‍යාප්ත විරෝධතා සතියක් ද ආරම්භ කරන බවත් ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසා තිබේ.

එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ ප්‍රකාශ කළේ ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවයි. අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව ද ඔහු වැඩිදුරට සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img