spot_img
spot_imgspot_img

ජනපති සටන උණුසුම්, මැතිවරණ කාර්යාලයට ස්නයිපර් කණඩායම්

පුවත්

විදෙස්

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරගන්නා 15 වැනිි දා මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොමිසමේ සභාපති ආනන්ද රත්නායක වැඩිදුරටත් කියා සිටියේ ඒ අවට කලාපයට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 1,500ක පමණ පිරිසක් යොදවන බවයි

මීට අමතරව මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා ඒ අවට ගොඩනැගිලිවලට ගුවන් හමුදා ස්නයිපර් කණ්ඩායම් ද යෙදවීමට කටයුතු කරන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.  

එදින විශේෂ රථවාහන සැළැස්මක් ද ක්‍රියාත්මක වන අතර මැතිවරණ කාර්යාලයට පැමිණෙන සියලු ම වාහන සඳහා අවසර වර්ග තුනකින් යුතු අවසර පත්‍රයක් නිකුත් කිරීමට ද නියමිතය. ත

අපේක්ෂකයකුට තමන්ගේ වාහනයෙන් මැතිවරණ කාර්යාලයට ම පැමිණිය හැකි අතර ඔහු සමඟ තවත් දෙදෙනකුට පමණක් කාර්යාලයට ඇතුළු වීමේ අවසර ලැබෙනු ඇත. අපේක්ෂකයන්ට වාහන තදබදය මඟහැර මැතිවරණ කාර්යාලයට පැමිණීමට අවශ්‍යනම් ඒ සඳහා විශේෂ පොලිස් යතුරුපැදි කණ්ඩායමක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අපේක්ෂකයන් සමඟ පැමිණෙන ආධාරකරුවන් මැතිවරණ කාර්යාලයෙන් බැහැර ප්‍රදේශ කිහිපයක ස්ථාන වෙන් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!