spot_img
spot_imgspot_img

ළමා දිවා සුරැකුම් ආයතන පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

පුවත්

විදෙස්

ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ළමා දිවා සුරැකුම් සේවාව සෑම පළාතකම  එකම ප්‍රමිතියෙන් ක්‍රියාත්මක කිරීමටත්, විධිමත් නියාමන හා අධීක්ෂණ යාන්ත්‍රණයක් හඳුන්වා දීම සහතික කිරීමටත් ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කර තිබේ. 

ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය වෙනුවෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දිවයින පුරා පිහිටි සියලුම ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල එකම කාර්ය පටිපාටියක් අනුගමනය කෙරෙන බව සහතික කිරීමත් විධිමත් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමත් අරමුණු කර ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 2017 වර්ෂයේදී ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්‌ගෝපදේශ හඳුන්වා දී ඇත. 

2 COMMENTS

  1. ජනාධිපති පත්වූ දා සිට මේ වගේ ක්‍රියාකරන කාර්යක්ෂම කැබිනට් මණ්ඩලයක් තිබුණා නම් කොච්චර හොඳද? ඡන්දයක් අත ළඟ තියාගෙන කරනකොට මේක තවත් මහජන රැවටීමක් කියලා හිතෙනවා.

  2. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිසි සේවයක් කරත් නම් රටේ ළමයින් මීට වඩා බොහෝ ලෙස ආරක්ෂා වනවා නියතයි. පසු ගිය වසර 2.5 තුල එම ආයතනය ළමයින්ට වඩා අපයෝජකයන්ට සහාය දුන්නා.

    නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ තනතුර වහා වෙනස් විය යුතුව ඇත. දින කිහිපයකට පෙර සභාපතිනියක් සහ උප සභාපතිවරයෙක් පත්වී ඇත. විනය , ළමා සුභ සාධනය මුල් කොටගත් විශාල වෙනසක් සහිත සේවයක් ගැන අප බලාපොරොත්තු තබනවා

    ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව (දිවා සුරැකුම් පහසුකම් ගැන ජාතික ප්‍රතිපත්තියක් ) ඉතාම අගය කල යුතු වනවා .

    UNITED HUMAN RIGHTS ORGANIZATION 0705050606
    [email protected]
    08.08.2024

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!