-2.5 C
New York

සීගිරියේ වළස් ප්‍රහාරයකින් දෙදෙනෙකුට තුවාල

Published:

සීගිරිය ඉලුක්වල ගම්මානයේ වළසකුගේ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු පොළොන්නරුව ජාතික රෝහලේ ද අනෙක් පුද්ගලයා දඹුල්ල මූලික රෝහලේ ද ප්‍රථිකාර ලබති.

ප්‍රදේශවාසීන් පවසන්නේ දිවා කාලයේදී ගම්මානයේ වළසකු දකින්නට ලැබීම අතිශය දුර්ලභ සිද්ධියක් බවයි. හෝටලයක ඇතිකරන ලද වළසෙකු ගම්මානයට පැමිණෙන්නට ඇතැයි ඔවුහු සැකකරති.

කෙසේ වෙතත් ගිරිතලේ වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලයේ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් ගම්වාසීන්ට ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

Related articles

Recent articles

spot_img