පොළොන්නරුව මහාධිකරණයේ පවතින නඩුවක විත්තියේ නීතිඥවරියක් ලෙස කටයුතු කරමින් විෂමාචාර ක්‍රියාවක් සිදු කළ නීතීඥවරියකගේ සේවය වසර පහක කාලයකට අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
නීතීඥවරිය පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකුට අනිසි ක්‍රම භාවිතා කරමින් නඩුව කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී ඇතැයි පැවසේ.
ත්‍රී පුද්ගල විනිසරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ විනිසුරු ජනක් ද සිල්වා යන අයගේ බහුතර තීන්දුවෙන්, නීතීඥ පී.කේ.පලකැටිය මහත්මිය වසර පහක කාලයකට නීතිඥයකු ලෙස කටයුතු කිරීම අත්හිටුවා ඇත.
කෙසේ වෙතත්, විනිසුරු එස්.තුරෙයිරාජා නියෝග කර සිටියේ වගඋත්තරකාර පාර්ශවය නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීම වසර 10කට අත්හිටවිය යුතු බවයි.
ඇය වරද පිළිගෙන වගකීම භාර ගැනීම සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක් නියම කිරීමට පෙළඹෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
“උසාවියේ නිලධාරීන් වශයෙන්, විත්තියේ නීතිඥයින් උදාසීන යක්ෂයාගේ අනුගාමිකයින් ලෙස ක්‍රියා නොකළ යුතුය. ඔවුන් සෑම විටම අවංක, ගෞරවනීය, නීත්‍යානුකූල ක්‍රමවලින් ක්‍රියා කළ යුතුය,” විනිසුරු තුරෙයිරාජා සඳහන් කළේය. .
ලිංගික අපයෝජන නඩුවක් මහාධිකරණයේ විභාග වන අවස්ථාවේදී එම නඩුව කඩිනමින් අවසන් කිරීමට ඇයගේ අභිප්‍රාය ප්‍රකාශ කරමින් දිවුරුම් ප්‍රකාශයක් සකස් කිරීමේදී වෘත්තීය උපදෙස් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබිණ. එය සකස් කිරීම සඳහා අත්සන් සහිත හිස් කොළයක් ලබා ගත් බවට ඇයට තවදුරටත් චෝදනා එල්ල වී තිබේ.
1988 ශ්‍රේෂ්ඨාධිකරණ පනතේ 60 වැනි රීතිය (නීතිඥවරුන් සඳහා හැසිරීම සහ ආචාර විධි) සහ 61 වැනි රීතියද නීතිඥවරයකුට නුසුදුසු ආකාරයෙන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.