spot_img
spot_imgspot_img

පොලිස්පති ගැටලුව විසඳන්නැයි පැෆ්රල් ඉල්ලයි

පුවත්

විදෙස්

නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට ජනතාවට ඇති අවස්ථාව සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බව පවසමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (පැෆ්රල්) පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව විසඳන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.  

”කෙසේ වෙතත්, පොලිස්පතිවරයාට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගයෙන් පසු වැඩබලන පොලිස්පතිවරයෙකු පත් නොකිරීම හේතුවෙන් යළිත් අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාකාරිත්වය සහ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් පැන නැගීම සෑම විටම රාජ්‍යයේ, පුරවැසියන්ගේ සහ රාජ්‍ය නායකයා ලෙස ඔබේ අභිමානයට හානි කරයි.”

“පළාත් සභා සඳහා මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට වසර හයකට වැඩි කාලයක සිට ජනතාවට අවස්ථාව ලබා දී නැහැ. පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරා ගැනීමේ අවස්ථාව දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. වසර පහකට පසු ජනාධිපතිවරයකු තෝරා ගැනීමට ජනතාව භුක්ති විඳින අවස්ථාව සම්බන්ධයෙන් විවිධ අවිනිශ්චිතතා වර්ධනය වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ, කථානායකවරයාගේ හෝ වෙනත් පාර්ශ්වයක ඇති විය හැකි දුර්වලතා මත මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට කිසිවකුට ඉඩ නොතැබීම වත්මන් ජනාධිපතිවරයා ලෙස ඔබේ වගකීමයි.”

වත්මන් ජනාධිපති ලෙස පොලිස්පතිවරයෙකු නොමැති අවස්ථාවක මැතිවරණ පැවැත්වීම සම්බන්දව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඇ) වගන්තියට අනුව ඔබ වෙත පැවරී ඇති වගකීම් ඔබ විසින් ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

“එබැවින් ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහය වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!