spot_img
spot_imgspot_img

අගමැති ශ්‍රේෂ්ඨාධිකරණයටත්, චෝදනා කරයි

පුවත්

විදෙස්

ශ්‍රේෂ්ඨාධිකරණය කුමක් කීවත් පොලිස්පතිවරයෙක් පත් නොකරනු ඇතැයි ද ඒ සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදන නොමැති යැයි ද අගමැති දිනේෂ් ගුණවර්ධන අද (26) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ප්‍රශ්න කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බවයි. වෙනත් ආයතනයකට එහි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බැවින් ‍තවමත් පොලිස්පති ධූරය දරන්නේ වැඩ තහනම් කරන ලද දේශබන්දු තෙන්නකෝන් බවත් අගමැතිවරයා කීවේය.

වත්මන් පොලිස්පතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතු බවවත් හෙතෙම කියයි.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයේ කිසිඳු නෛතික පදනමක් දක්වා නොමැති බවද, කිසිඳු නීතිමය පදනමකින් තොරව හුදෙක් නීතිවිරෝධී යැයි පෙනෙන නියෝගයක් පිළිගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි බවද අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පවතින ගැටලුවට තමා මැදිහත්වීමෙන් වැළකී සිටින බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දැනුම් දී තිබිණි.

ඉදිරි ජනාධිපතිවරණ කාලයේ දී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනාධිපතිවරයාට නීතීඥ උපදෙස් ලැබී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

අගමැතිවරයා සහ ජනාධිපතිවරයා කවරක් කීව ද මැතිවරණ සමයක වුවද මැතිවරණ කොමිසමේ එකඟතාව මත තනතුරකට සුදුස්සකු පත්කිරීමේ හැකියාව පවතී. එසේ ප්‍රතිපාදන තිබිය දී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ ආකාරයට කටයුතු කිරීමෙන් ඔවුන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය බරපතල අර්බුදයක් කරා ගෙන යන අතර ජනතා විශ්වාසය ද කඩකිරීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!