spot_img
spot_imgspot_img

නිපා වයිරසය ගැන අනතුරු අඟවයි

පුවත්

විදෙස්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි ළමයෙකු නිපා වෛරසයෙන් මිය යාමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, රෝගය වැළඳීමේ ඉහළ අවදානම් කාණ්ඩයට අයත් පුද්ගලයින් 60 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

කේරළ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පැවසුවේ මියගිය පිරිමි ළමයා පන්ඩික්කාඩ් නගරයේ පදිංචි අයෙකු බවයි. ඔහු සමීපව ඇසුරු කල අය හුදකලා කර පරීක්ෂාවට ලක් කර ඇති බවත් ඔහු පවසයි. වයිරසය ආසාදනය වී දිනකට පසුව ඔහු මිය ගියේය.

පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම සහ රෝහල් ගත කරන පුද්ගලයින් බැලීමට යාමෙන් වැළකී සිටීම වැනි පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් බලධාරීන් ඉල්ලා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ නිපා වෛරසය ඌරන් සහ පළතුරු වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බවයි.

WHO විසින් වෛරසය ප්‍රමුඛ රෝග කාරකයක් ලෙස විස්තර කර ඇත්තේ එයට වසංගතයක් ඇති කිරීමට ඇති හැකියාව නිසාය.

නිපා වෛරසයේ රෝග ලක්ෂණ ලෙස උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය, උගුර වණ වීම දැක්විය හැකිය. වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සමහර විට කැපී පෙනෙන රෝග ලක්ෂණ නොපෙන්වන අතර අනෙක් අය උග්‍ර ශ්වසන ආබාධවල සලකුණු පෙන්නුම් කරයි. දරුණු අවස්ථාවල දී, නිපා ආසාදනයක් හේතුවෙන් මොළයට බලපාන බරපතල තත්ත්වයක් වන එන්සෙෆලයිටිස් ඇති විය හැක.

ආසාදනයට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් හෝ එන්නතක් නොමැති බැවින් වෛරසය වැළඳෙන අයගේ මරණ අනුපාතය ඉහළ මට්ටමක පවතී. ප්රතිකාරය, රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම සහ සත්කාර සඳහා සීමා වේ.

  • නිපා වෛරසය දූෂිත ආහාර මගින් සහ ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීපව සම්බන්ධ වීමෙන් සම්ප්‍රේෂණය විය හැක.
  • විශේෂඥයින් පවසන්නේ වාසස්ථාන අහිමි වීම නිසා සතුන් මිනිසුන්ට සමීපව ජීවත් වන අතර වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන බවයි.
  • නිපා පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කරන බව කේරළ ප්‍රාන්ත රජය පසුගියදා නිවේදනය කළේය.
  • පසුගිය වසරේ රෝගීන් පස් දෙනකු සොයා ගැනීමෙන් පසු ප්‍රාන්තයේ බලධාරීන් පාසල් සහ කාර්යාල වසා දැමීය.
  • ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, 2001 සහ 2007 දී විශාලෙ වශයෙන් රෝගීන් වාර්තා වුණු අතර ඒ බටහිර බෙංගාල ප්‍රාන්තයෙනි.
  • 2018 වසරේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ කොසිකෝඩ් සහ මලප්පුරම් දිස්ත්‍රික්කවල ඇති වූ වසංගත තත්ත්වයෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
  • වෛරසය 2018 දී ප්‍රථම වරට වාර්තා වූ දා සිට කේරළ ප්‍රාන්තයේ මරණ දුසිම් ගණනක් සිදුවී ඇත.
  • කේරළයේ ප්‍රදේශ ගෝලීය වශයෙන් වෛරසය සඳහා වඩාත්ම අවදානම් බව කියනු ලැබේ. පරීක්ෂණයකින් හෙළි වූයේ නිවර්තන ප්‍රාන්තයක් වන කේරළය සීඝ්‍ර නාගරීකරණයක් සහ ශීඝ්‍ර වන විනාශයක් අත්විඳිමින් නිපා වැනි වෛරසයක් මතුවීමට සුදුසුම වාතාවරණයක් නිර්මාණය කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!