spot_img
spot_imgspot_img

බංග්ලාදේශයේ කලබල දිගටම, රට පුරා ඇඳිරිනීතිය

පුවත්

විදෙස්

බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට එරට රජය කටයුතු කර තිබේ.

සති දෙකක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ධකා අගනුවර ක්‍රියාත්මක සිසු විරෝධතා මර්දනයට රජය ගත් පියවර හමුවේ පුද්ගලයින් 50කට වැඩි දෙනෙකු මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශයේ සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමිණි. කලහකාරී ලෙස හැසිරෙන විරෝධතාකරුවන් රජයේ රූපවාහිනී නාලිකාවට ගිනි තබා තිබූ අතර මේ වනවිට එරට සියලු ම රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකා විකාශය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

රටපුරා අන්තර්ජාල සබඳතා මෙන්ම දුරකථන සබඳතාද අවහිර කර ඇත.

සිසුන් මෙලෙස විරෝධතාවේ නිරත වන්නේ, 1971 නිදහස් සටනේ නියමුවන් යුද විරුවන් ලෙස සලකමින් ඔවුන්ගේ දරුවන්ට රජයේ රැකියා ලබාදීමේදී ප්‍රමුඛත්වය දීමේ කෝටා ක්‍රමවේදයට විරෝධය පළ කරමිනි.

මෙම කෝටා ක්‍රමවේදය නීති විරෝධී බවට 2018 දී බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබුණත් මහාධිකරණ තීන්දුවක් පදනම් කරගනිමින් එය යළි පණගැන්වීමට රජය උත්සාහ කිරීම මේ විරෝධයට පදනම් වී තිබේ.

ඡායාරූපය –

Students clash with riot police during a protest against a quota system for government jobs, in Dhaka, Bangladesh, Thursday, July 18, 2024. (AP Photo/Rajib Dhar)

ASSOCIATED PRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!