spot_img
spot_imgspot_img

අනුර කුමාර දිනන කතාව, යුරෝපා සංගමය ප්‍රතික්ෂේප කරයි

පුවත්

විදෙස්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරනු ඇතැයි යුරෝපා සංගමය විසින් කරන ලද සමීක්ෂණයක දී තහවරු වී ඇතැයි මෙරට ප්‍රකට වෙබ් අඩවියක් විසින් පළකර ඇති පුවත යුරෝපා සංගමය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන් ම එම පුවත අසත්‍ය සහ නොමඟ යවන පුවතක් බව ද යුරෝපා සංගමසය වාර්තා කර තිබේ.

මාධ්‍යවල පලවන පුවත් සම්බන්ධ සත්‍යාසත්‍ය භාවය පරීක්ෂා කිරීම (Factcheck) සඳහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් පවත්වාගෙන යන  Factseeker  මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය සහ ඔවුන්ගේ නිල X  අඩවිය පරීක්ෂා කර තිබිණි. ඔවුන් එවැනි කිසිදු නිවේදනයක් කර නැති බව එයින් අනාවරණය විය.

Factseeker  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ පිහිටි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයෙන් කරඇති  විමසීමකදී ඔවුන් තහවුරු කර ඇත්තේ, යුරොපා සංගමය එවැනි සමීක්ෂණ කිසිවක් කර නොමැති බවයි. එබැවින් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවියක පළ කර “ඉදිරි ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක 53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නවා” යන පුවත අසත්‍යයක් බව ද යුරෝපා සංගමයේ තානාපති කාර්යාල මාධ්‍ය අංශය පවසා ඇත.

යුරෝපා සංගමය මේ පිළිබදව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති කාර්යාලයේ නිල X වෙබ් අඩවියේ ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, තමන් ශ්‍රී ලංකාවේ මැතිවරණය සම්බන්ධයෙන් කිසිදු මත විමසුමක් සිදුකර නැති බවයි. මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය පුවතක් බව ඔවුන් එමගින් ද අවධාරණය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය මගින් මත විමසුමක් සිදුකළ බවට වෙබ් අඩවියක් මගින් පළකර පසුව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය කරමින් පවතින පුවත ව්‍යාජ එකක් බව Factseeker තහවුරු කරයි.

එම වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන ලද සමීකණයට අනුව ඡන්ද දායකයන්ගේ මනාපයේ සැළකිය යුතු වෙනසක් සිදුව ඇති බවයි. සමීක්ෂණය සඳහා තෝරාගත් නියැදියෙන් 53%ක් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායකට කැමැත්ත පළකර ඇතැයි එහි දක්වා තිබිණි.

ජනාධිපතිවරණයේ  දී දෙවැනි ස්ථානයට පත්වන සජිත් ප්‍රේමදාසට ඡන්ද 24%ක් හිමිවන බවත් සමීක්ෂණයෙන් තහවරු වී ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ (LSE)වෙතින් බාගත් බව කියන උපාධියේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18-19 අතර පසුවන තරුණයන් ප්‍රශ්න කර ඇති බව ද වෙබ් වාර්තාවේ සඳහන් කර තිබිණි.

එමෙන් ම එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6%ක ඡන්ද ප්‍රමාණයක් සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 5%ක් ලබාගන්නා බවයි. ‍මෙතෙක් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ 12% ක පිරිසක් තීරණය කර නොමැති බැවින් එම ඡන්ද පාවෙන ඡන්ද බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

Factseeker වෙබ් අඩවිය මගින් කරුණු සත්‍යාපනය කර ඇති ආකාරය මෙතැනින්

factcrescendo වෙබ් අඩවිය විසින් කරුණු සත්‍යාපනය කර ඇති ආකාරය මෙතැනින්

3 COMMENTS

  1. අනුර 53% ගන්නවා කියන්නේ බොරු යුරෝපා සංගමය කිව්වේ ඇත්ත මොකද 53%වඩා අනුර ඡන්ද ගන්නවා

  2. අපි හිතුවේ හොර නඩය විතරයි බය වෙලා ඉන්නේ කියලා, බැලින්නම් මෙයාලත් බය වෙලා නේ 🤣🤣🤣

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!