spot_img

මන්ත්‍රී තිස්ස අත්තනායක හදිසි අනතුරක

පුවත්

විදෙස්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් වාහනය ඊයේ (17) රාත්‍රියේ කොළඹ ජාවත්ත පාරේදී අනතුරකට ලක්වී තිබේ.

අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු  තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර  මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් තවත් පුද්ගලයෙකු වන බවත්  තිදෙනාම නාරහේන්පිට  ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් පොලීසිය කියයි.

මන්ත්‍රීවරයාගේ සුඛෝපභෝගී වාහනය ජාවත්ත පාරේ සළුසළ අසලදී මෝටර්ය රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

“මගේ වාහනය ඉතා වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක ගැටුණා, මට හානියක් නොවුණත් මගේ වාහනයට හානි වුණා, ” යැයි තිස්ස අත්තනායක පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles