spot_img
spot_imgspot_img

රිච්මන්ඩ් සිසුවකු, විෂ ශරීරගත වී දැඩි සත්කාරයට. රගර් කණ්ඩායමේ ඇඟ හැදෙන්න විෂ පානයක් දුන්නා දැයි සැකයක්

පුවත්

විදෙස්

රිච්ම්න්ඩ් විද්‍යාලයීය රගර් කණ්ඩායමේ සිසුවකු ඇමෝනියම් සල්ෆේට් හෝ ඒ හා සමාන විෂක් ශරීරගත වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

පසුගිය දා කොළඹ පැවති විද්‍යාලාන්තර රගර් තරඟයකට ක්‍රීඩා කළ මෙම සිසුවා ක්‍රීඩක විවේකාගාරයට පැමිණි සිසුවා ජලය යැයි සිතා වැරදීමකින් විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවේන අසාධ්‍ය තත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

එම රෝහලේ වෛද්‍යවරු පවසන්නේ සිසුවා රෝහලේ දී ප්‍රතිචාර නොදක්වන තත්වයට පත්වූ බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවයි. අද (17) උදෑසන වනවිට එම ශිෂ්‍යයා ප්‍රතිචාර දක්වන මට්ටමට පත්ව ඇති බැවින් ජීවිත අවදානමක් නැතැයි ද වෛද්‍යවරු කියති.

කෙසේ වෙතත් සිසුවාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු නිරන්තර විමසිල්ලෙන් සිටින අතර අද (17) හෝ හෙට (18) සීටී ස්කෑනර් පරීක්ෂණයකින් පසු සාමාන්‍ය වාට්ටුවට යොමුකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ රිච්මන්ඩ් විද්‍යාලයීය රගර් කණ්ඩායමේ සිසුන්‍ගේ ඇඟ හැදෙන්නට සහ ශක්තිය වර්ධනය කිරීමට යැයි පවසමින් කාලයක සිට ඔවුන්ට කිසියම් ද්‍රාවණයක් ස්වසන මාර්ගය ඔස්සේ ඉරීමට (ඉන්හේලර් භාවිතයෙන්) ලබා දී ඇති බවයි.

මෙම සිසුවා වැරදීමකින් පානය කර ඇත්තේ එම ද්‍රාවණය බවත් තහවරු වී ඇත. කාලයක් තිස්සේ මෙම ක්‍රීඩකයන්ට ලබා දී ඇත්තේ රසායනික පොහොරවල අඩංගු ඇමෝනියම් සල්ෆේට් ද යන්න තහවරු කරගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

රිච්මන්ඩ් විද්‍යාලයීය ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ සිදුවීමත් සමඟ රගර් කණ්ඩායමේ පුහුණුකරුගේ සහ භෞත චික්ත්සකරවයාගේ සේවය අත්හිටුවා ඔවුන් සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන බවයි.

මෙම සිද්ධිය පිළිබඳ විමසීමට රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ක්‍රීඩා භාර නියෝජ්‍ය විදුහල්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද ඔවුන් දුරකථන ඇමතුම් සඳහා ප්‍රතිචාර දක්වන්නේ නැත.

නමුත් රිච්මන්ඩ් විද්‍යාලයේ කාර්යාලයේ වගකිව යුතු නිලධාරියකු කියා සිටියේ එම සිද්ධියට මුහුණ පා ඇති දරුවා දැන් දැඩි සත්කාර ඒකකයේ නොමැති බවයි. ඔහු සුවය ලබා කොළඹ ජාතික රෝහ‍ලේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි ද හෙතෙම කීවේය. ඔහු මෙම සිදුවීම ප්‍රතික්ෂේප කළේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!