spot_img
spot_imgspot_img

පාසල් සිසුන්ට, සපත්තු වෙනුවට සනීපාරක්ෂක තුවා

පුවත්

විදෙස්

පාසල් සිසු සිසුවියන්ට පාවහන් ලබාදීමට වෙන්කර තිබූ රුපියල් බිලියන 2.5ක මුදලින් රුපියල් බිලියනයක් පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා යොමුකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරන ලද විමසීමක දී අනාවරණය වෙයි.

ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට 2024 වර්ෂය සඳහා පාවහන් ලබාදීමට රුපියල් බිලියන 2.5්ක් වෙන්කර තිබිණි.

ඉන්පසු 2024 අප්‍රේල් මස 01 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත්තේ මිලියන 1.2ක් වන වැඩිවියට පත් වූ පාසල් සිසුවියන් අතරින් ආර්ථික අපහසුතා ඇති යැයි හඳුනාගත් පාසල් වල  ඉගෙනුම ලබන වැඩිවියට පත් ශිෂ්‍යාවන් සඳහා නොමිලයේ සනීපාරක්ෂ තුවා ලබාදීමටයි. අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව එලෙස ප්‍රතිලාභ ලබන පිරිස පාසල් 10,126ක ශිෂ්‍යාවන් 762,636 දෙනෙකි. ඔවුන්ට එක් අයකුට රුපියල් 1,200.00ක් වටිනා තිළිණ පතක් ලබාදෙන අතර එමගින් එක් වරකට රුපියල් 600.00ක් වටිනා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමේ හැකියාව ලැබෙයි.

මෙම ව්‍යාපෘතිය 2024 ජූලි මාසයේ ආරම්භ කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම කරුණු අනාවරණය වී ඇත්තේ SLVlog ආයතනය විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අනුව කරන ලද විමසීමකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලබාදුන් පිළිතුරු අනුවය. එම පිළිතුරු ලබා දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී අතිරේක ලේකම් (පාලන) එච්.නිලක්ෂි. එන්. ගුණසේකර විසිනි.

එම පිළිතුරුවල දැක්වෙන්නේ පාසල් දැරියන්ට සනීපාරක්ෂතුවා ලබාදීම සඳහා දැනටමත් රුපියල් බිලියන 01ක මුදලක් වෙන්කර ඇති බවයි. නමුත් එම මුදල් සපයාගෙන ඇත්තේ 2024 වර්ෂය සඳහා “පාසල් පාවහන් ලබාදීමට” වෙන්කරන ලද රුපියල් බිලියන 2.5ක මුදලින් බිලියන 01ක් ලබාගැනීමෙනි.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!