-2.5 C
New York

ජනාධිපති ධූර කාලය වෙනස් කරයි

Published:

ජනාධිපතිගේ ධූර කාලය සම්බන්ධ වගන්තිය වෙනස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ති‍ේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) හි දැක්වෙන “සා අවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” යන වචනය ආදේශ කිරීම සඳහා මෙම සංශෝධනය සිදුකිරීමට නියමිතය.

මේ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත. 

එම කෙටුම්පත ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related articles

Recent articles

spot_img