-3.4 C
New York

වන්දි ගෙවන්න මෛත්‍රීපාල තවත් වසර හයක් ඉල්ලයි

Published:

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු 30 වැනිදාට පෙර පියවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වග උත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකර ඇත.

එම දිනට පෙර අදාල මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් අධිකරණයට අපහාස කිරීම යටතේ දචා්දනා ගොනු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව හිටපු ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොළිස්පති පූජිත ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්දි අංශ සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයට මෙම නියෝගය ලබාදී තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මේ වන විටත් විපතට පත්වූවන්ට රුපියල් මිලියන 58 ක වන්දි මුදලක් ගෙවා ඇති බවයි. ඒ අනුව ඉතිරි වන්දි මුදල ගෙවීම සඳහා වසර 06ක කාළයක් ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා නීතීඥවරු මාර්ගයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ මුළු වන්දි මුදල එවක ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් ගෙවා ඇති බවද අධිකරණයට දන්වා සිටියේය.

මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය , මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා , ඒ. එච්. ඒම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණි.

Related articles

Recent articles

spot_img