spot_img
spot_imgspot_img

පොහොට්ටුවට, සුදුසු අපේක්ෂකයෙක් නැතිව අමාරුවේ

පුවත්

විදෙස්

ඉදිරි ජනාධිපතිවරණයට තරඟකිරීම සඳහා සුදුසු අපේක්ෂකයකු තම පක්ෂය සතුව නැතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන්න යැයි තමන් බලකර කියා සිටින බවත් කලගුණ දන්නා පුද්ගලයකු ලෙස තමන් ඔහුට පූර්ණ සහය දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම පැවසීය.  ඔහු මෙම කරුණු අනාවරණය කළේ ගම්පහ උඩුගම්පොළ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසකගේ රැස්වීමක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!