8.6 C
New York

කතරගම රාළහාමි, තරුණියකට අතවර කරලා

Published:

කතරගම වන්දනාවේ පැමිණ සිටි තරුණියකට සාපරාධි බලහත්කාරය පැම සහ ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් දේවාල භුමියේ රාජකාරියේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත් අංගුවට ගත් බව දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ඇසළ පෙරහැරේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි මාතර පොලිසියට අනුයුක්ත 35 හැවිරිදි කොස්තාපල්වරයෙකි.

පන්නිපිටිය ප්‍රෙද්ශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් දෙමව්පියන් සමග දේවාල භුමියේ රැඳි සිටියදී සිවිල් ඇඳුමෙන් සැරසුන පුද්ගලයෙකු ඇයගේ ශරිරයේ පිටුපස අතින් මිරිකා ඇති අතර එම අවස්ථාවේ ඇය බියවි දෙමව්පියන් දැනුම්වත් කර ඇත.

ඒ සමගම දෙමව්පියන් සහ අවට සිටි පිරිස් විසින් ඔහු අල්ලා රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින්ට බාරදි ඇත. පරික්ෂනවලදි අනාවරණයවි ඇත්තේ ඔහු රාජකාරි අතරතුර ලැබුණු විිවේකයක දී සිවිල් ඇදුමෙන් සැරසි මෙම ක්‍රියාව සිදුකර ඇති බවය.

සැකකාර කොස්තාපල්වරයා හෙට (13) තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related articles

Recent articles

spot_img