spot_img
spot_imgspot_img

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ලිංගික ජාවාරම්කරුවන් අතර ශ්‍රී ලාංකිකයෙක්

පුවත්

විදෙස්

මැලේසියාවේ ඉපෝ නගරයේදී සංක්‍රමණ බලධාරින් විසින්, ලිංගික සේවා සපයන බවට සැක කරන හෝටලයක් සහ විනෝදාස්වාද සපයන ස්ථන දෙකක් වටලා තායිලන්ත ජාතිකයින් 64දෙනකු ඇතුලු විදේශිකයන් 88 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියා ආගමන දෙපාර්තමේන්තුව පැවසුවේ මෙලෙස අත්අඩිගුවට ගත් අය අතර වයස අවුරුදු 21 ත් 46 ත් වයස්වල පසුවන අතර කාන්තාවන් 78 ක් සහ පිරිමින් 10 ක් සිටින බවයි. අත්අඩංගුවට ගත් අයගෙන් 64 ක් තායි ජාතිකයන් වන අතර වියට්නාම ජාතිකයන් 13 ක්, නේපාල ජාතිකයන් 4 ක්, ඉන්දියානුවන් 3 ක්, බංග්ලාදේශ ජාතිකයන් 3 ක් සහ එක් ශ්‍රී ලාංකිකයෙක් වෙයි.

නිලධාරියෙකු පැවසුවේ මොවුන්ට විවිධ වැරදි සම්බන්දව චෝදනා නගා ඇති බවයි.

පසුගිය සතියේ මැලේසියාවේ අගනුවර සහ සෙලන්ගෝර් ප්‍රාන්තයේ වැටලීම් වලින් ගණිකා වෘත්තියේ යෙදුන තායි කාන්තාවන් 22ක් අත්අඩංගුවට ගෙන තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles