8.6 C
New York

මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

Published:

කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අත්හිටුවා තිබේ. ගල්කිස්ස දිසා අධිකරණයේ හෙතෙම රාජකාරි කළ සමයේ සිදුකරන ලදැයි පැවසෙන අනීතික ක්‍රියාවක් සම්බන්ද චෝදනා වලට අදාලව සිදුකරන විමර්ශන හේතුවෙන් මෙලෙස ඔහුගේ සේවය අත්හිටුවා තිබේ.

මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අධිකරණයෙන් මහේස්ත්‍රාත් නිල නිවසට විදුලිය හා ජල සැපයුම නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ.

පරීක්ෂණ පැවැත්වෙන බැවින් විමර්ශන අවසන් වනතුරු 2024 ජූලි 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජුලි 08 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මූලික විමර්ශනයක් ආරම්භ කෙරිණි. 

Related articles

Recent articles

spot_img