spot_img

ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණය හේතුවෙන් ගුවන් යානය හදිසියේ ගොඩ බස්වයි

පුවත්

විදෙස්

ඩුබායි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ විදේශීය ගුවන් යානයක ගමන්ගත් ශ්‍රී ලාංකික කාන්තාවක හඳිසියේ රෝගාතුර වීම හේතුවෙන් පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සිදු කරන ලදී.

කෙසේවුවද 57 හැවිරිදි පලාවිනි නමැති මෙම ශ්‍රී ලාංකික කාන්තාව ගුවන් යානය ගොඩබාන අතරතුර මියගොස් තිබේ.

ඩුබායි-කොළඹ ගුවන් යානයේ ගමන් කළ මගියෙකු වූ පලාවිනිගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේ නරක අතට හැරීමත් සමඟ මෙය සිදුවී සිදුවී ඇත. හදිසි වෛද්‍ය ආධාර ලබා ගැනීමට කරච්චි ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සඳහා ගුවන් කපිතාන්වරයා වහාම කරච්චියේ ගුවන් ගමනාගමන පාලනයෙන් ඉල්ලා සිටියේය. 

ගොඩබෑමෙන් පසු සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) වෛද්‍යවරු මගියා පරීක්ෂා කිරීමට යානයට ගොඩ වූ නමුත් රෝගී කාන්තාව ඒ වනවිටත් මියගොස් තිබිණි. ගුවන් ගමනේදී ඇය හෘදයාබාධයකට ලක්ව ඇති බව ආරංචි මාර්ග තහවුරු කළේය.

ගුවන් තොටුපළේ ස්ථානගත කර ඇති ෆෙඩරල් සෞඛ්‍ය නිලධාරියා කාන්තාව සඳහා මරණ සහතිකයක් නිකුත් කළේය. අවශ්‍ය විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් පසු ඇයගේ දේහය රැගත් ගුවන් යානය කරච්චි ගුවන් තොටුපළෙන් කොළඹ එහි මුල් ගමනාන්තය වෙත පිටත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සමාගම මෙතෙක් අදහස් දක්වා නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles