5.2 C
New York

දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවයට

Published:

උසස්වීම් ඇතුළු නොවිසඳුණු ගැටලු කිහිපයක් සම්බන්දයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් දියත් කිරීමෙන් හේතුවෙන් අද(10) දිනයේ දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල විය. මෙම වර්ජනයට දුම්රිය නියාමකවරුන් ද සහය පළ කර ඇති අතර මේ හේතුවෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීහු බොහෝ අපහසුතාවයන්ට ලක්විය.

දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එය උපයෝගී කරගනිමින්  ලංගම බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ රජය විසින් දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති වැඩවර්ජනය නීති විරෝධී බවත්, සේවයට වාර්තා නොකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රවාහන අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.

Related articles

Recent articles

spot_img