spot_img
spot_imgspot_img

78 හැවිරිදි කතකට අතවර කර, ඝාතනය කළා යැයි 17 හැවිරිදි සිසුවකු රිමාන්ඩ්

පුවත්

විදෙස්

බලංගොඩ දොරවෙළ ඔය අසළ දී 78 හැවිරිදි කාන්තාවකට අතවර කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවකු ලබන 08 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට බලංගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එම්.චන්ද්‍රසේකර නියෝග කළේය.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ පසුගිය 27 වැනි දා ය.

සැකකාර පාසල් සිසුවාගේ ඩීඑන්ඒ පරීක්ෂණයක් ලබාගන්නා ලෙසත් ඔහු සම්බන්ධ කායික, මානසික සහ සමාජ රෝග පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝග කළේය.

බළංගොඩ මුගුණමලේ ප්‍රදේශයේ පදිංචිව සිටි එමි.එල්. සිරියාවති නැමති කාන්තාවක දිය නැම සදහා ඉකුත් 27 වැනිදා දොරවෙළ ඔයට ගොස් තිබුණ අතර එහිදී ඇගේ සිරුර දොරවෙළ ඔයේ තිබි සොයාගනු ලැබිය.

ඇය දියේ ගිලි මියගොස් ඇති බවට සැක කළ අතර බලන්ගොඩ මුලික රෝහලේදි සිදුකළ මරණ පරික්ෂණයේදි මරණ සම්බන්දයෙන් වෛද්‍යවරුන්ට සැකයක් මතු විම හේතුවෙන් මේ සම්බන්දයෙන් පොලිසිය මගින් අධිකරණවෙත දැනුම් දිමක් කර තිබුණි.

එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යයා දිල්රැක්ෂි විසින් මහේස්ත්‍රාත් පරික්ෂණට සිදුකර අධිකරණ වෛද්‍යවරියක ලවා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියෝග කර සිටියාය.

බලන්ගොඩ මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිනි අයි.එල් රත්නායක මහත්මිය විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අතර එහිදී තහවුරු වි තිබුණේ මෙම කාන්තාව අවස්ථා කිහිපයකදිම ලිංගික අපයෝජනයට ලක් කර ගෙළ සහ මුඛය සිරකර ඝාතනය කර ඇති බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!