spot_img
spot_imgspot_img

කෙහෙළියගේ පවුලේ, කෝටි 09ක ගිනුම් අත්හිටුවයි

පුවත්

විදෙස්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ අයට අයත් රුපියල් කෝටි 09ක වටිනාකමින් යුතු ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 03ක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කළේය.

මෙම ගිනුම් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට, දියණියන් තිදෙනාට සහ එක් දියණියකගේ සැමියාට අයත් බව ද අනාවරණය වී ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ එම ගිණුම්වලට මුදල් ලැබුණු ආකාරය සැක සහිත බැවින් මෙලෙස තහනමට ලක්කළ බවයි. ඒවා පුද්ගලික බැංකුවක පවත්වාගෙන ගොස් තිබේ. 2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව මුදල් විශුද්ධිකරණ වරද යටතේ කොමිෂන් සභාව මෙම පියවර ගෙන ඇත.

මේ පිළිබඳව මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීමටත් කොමිෂන් සභාව වැඩිදුරටත් තීරණය කර තිබේ.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට බාරදී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අවභාවිත කර ඇත්දැයි පිළිබඳව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇත.

1 COMMENT

  1. මෙවිව ලෙඩිඩු මරල ගත්ත සල්ලි මුන්ට හෙන ගහනව අහිංසක මිනිස්සුන්ට බෙහෙත් පෙත්තක් ගන්න තිබුන සල්ලි මු හොරාකාල හෙනම ගහන්න ඔින ඔික ඇතුලෙ ඔික පනුවො ගහල මැරෙන්න ඔින සක්කිලි බල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!